×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

හොංකොං සික්සස් බඳුන ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී

Local  •  Published on: 2025-11-09 11:55:40

හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ බඳුන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින්.

හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ තෙවන සහ අවසන් දිනය වන අද (07) බඳුන ශූරතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර අවසන් මහ තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් 11.30ට පමණ ඇරඹුණා.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත ජයතිලක නොදැවී ලකුණු 52ක් රැස්කළා.

ලකුණු 107ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට කඩුලු 2ක් දැවී ලකුණු 85ක් පමණ රැස් කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟය ලකුණු 21ක් ජය ගනිමින් මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බදුන ශූරතාව දිනාගැනීමට සමත් වුණා.