×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

තලාවේ සිදුවූ මාරක අනතුරින් එක් පුද්ගලයෙක් මරුට

Local  •  Published on: 2025-11-10 09:02:42

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට රෝහල වෙත රැගෙන එමින් සිටින බවයි වාර්තා වන්නේ.

තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.