×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඕස්ට්‍රේලියානු අගමැති අමෙරිකාවේ නිල සංචාරයක

Foreign  •  Published on: 2025-09-19 16:08:53

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් අමෙරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිව්යෝක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සඳහා සහභාගීවීමේ මුලික අරමුණින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදුකරන බවයි.

එම සංචාරය අතරවාරයේ දී ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ නිල හමුවකට ද සහභාගී වීමට සැලසුම් කර ඇති බවයි.

මේ අනුව ලබන අඟහරුවාදා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර නිල හමුව පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ඕස්ට්‍රේලියානු රජය නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන්.

අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා හමුවීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.