×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පාකිස්ථානය තුළ ආරක්ෂාවේ ගැටළුවක් නෑ - ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ

Local  •  Published on: 2025-11-13 09:55:32

ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස පාකිස්ථානය තුළ ආරක්ෂාව පිළිබඳව කිසිඳු ගැටළුවක් පෞද්ගලිකව තමන්ට දැනී නොමැති බව ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා පවසනවා.

News 1st වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉස්ලාමාබාද් හි සිට සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිටින හෝටලය වෙත අධි ආරක්ෂාවක් සලසා ඇති බවත් කණ්ඩායම ඇතුළු කාර්ය මණ්ඩල ක්‍රීඩාංගණය වෙත යන විට පාර දෙපස ආරක්ෂාව තර මාර්ගයේ යන වාහන ද නවත්වා ඇති බවත්ය.

අපි ජාත්‍යාන්තර විස්තර විචාරකයින් හැටියට අපි ස්ලාමාබාද් නුවරට පැමිණියා. හැබැයි ඇත්තටම අපට නම් ආරක්ෂාවේ කිසිම ප්‍රශ්නයක් දැනිලා නෑ.

නොයෙක් කතන්දර අහලා තියනවා යම් යම් ප්‍රශ්න තියනවා කියලා. අපට ආරංචියි. මොනතරම් ආරංචි ආවත් මම කියන්න ඕන ශ්‍රී ලාංකික ජනතාවට විශේෂයෙන්ම අපට සුවිශේෂී ආරක්ෂාවක් දීලා තියනවා පකිස්ථානු ආරක්ෂක අංශ.

අපි ක්‍රීඩාංගනයට යන්නෙත් ඇත්තටම ආරක්ෂක අංශවල තිබෙන්නාවූ ආරක්ෂාව ඇතිව. ඇත්තටම අප සිටින හෝටලයෙන් එළියට ඇවිල්ලා ක්‍රීඩකයො සිටින හෝටලයට ගිහිල්ලා තමයි අපි යන්නේ ක්‍රීඩාංගනයට.

අපට හොඳ ආරක්ෂාවක් ලබා දීලා තියනවා පකිස්ථාන ආරක්ෂක අංශ මගින්. ඒ වගේම මම කියන්න ඕන අපි ක්‍රීඩාංගනයට යනවිට පාර දෙපස පවා ආරක්ෂකයො සිටිනවා. ඒ වගේම පාර දෙපස රථ වාහන සියල්ලම නතර කරලා තමයි තියෙන්නේ.

ඉතින් පෞද්ගලිකව විස්තර විචාරකයින් හැටියට ආරක්ෂාව සම්බන්ධව කිසිම ගැටලුවක් දැනිලා නෑ. මම මේ මොහොතේදිත් ශ්‍රී ලංකා ජනතාවට මට කියන්නට තියෙන්නේ  අපට පෞද්ගලිකව එවැනි ප්‍රශ්නයක් දැනිලා නැති බවයි. ජාත්‍යාන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේය.