×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි

Sports  •  Published on: 2025-11-14 08:03:24

2026 IPL තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන දෙසැම්බර් 16 වනදා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළා.

මේ අනුව අඛණ්ඩව තෙවන වරටත් IPL වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටත දී පැවැත්වෙනු ඇති.

පළමුවරට IPL වෙන්දේසියක් 2024 වසරේ දී ඩුබායි හිදී පැවැත්වු අතර 2025 වාරය සඳහා වූ වෙන්දේසිය සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත්වුණා.

වෙන්දේසියට දින නියමවීම සමඟ එක් එක් කණ්ඩායම් විසින් නොවැම්බර් 15 වනදා ඉන්දීය වේලාවෙන් පස්වරු 3ට පෙර ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත්කළ යුතු ඇති බව සඳහන්.

ඉන්පසුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව සකසනු ලබනවා.

2026 IPL තරගාවලිය මාර්තු 15 සිට මැයි 31 පැවැත්වීමට මූලික සැලසුම් සකසා තිබෙනවා.