ඇමති නලින්ද සුවසැරිය ගැන සුවිශේෂී තීන්දුවක් ගනී
Local • Published on: 2025-11-14 12:43:37
නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනට එක්වෙමින්.
මේ සඳහා අවශ්‍ය වූ සැලසුම් සහ ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවත් මෙම ගිලන් රථ සේවාවට ලොව පවත්නා නවීනතම තාක්ෂනය එක් කරමින් නව්‍යකරණයට ලක් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.
ඊට අමතරව ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තවත් ගිලන්රථ 100ක් ලබා ගැනීමට කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන් රථ 20ක් ණය ආධාර යටතේත් තවත් ගිලන් රථ 25ක් ලෙස ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත බවයි.