×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනය එරට පුරවැසියන්ට දැනුම්දෙයි

Local  •  Published on: 2025-11-15 15:01:29

ජපානයේ සංචාරයේ කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය සිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ජපාන අග්‍රාමාත්‍ය Sanae Takaichi විසන් සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කිරීමක් ලෙස චීන රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිය හමුදා හරහා ඊට ප්‍රතිචාර දක්වන බව පසුගියදා ප්‍රකාශ කර තිබූ බවයි.

එම ප්‍රකාශය මුල් කර ගනිමින් චීනය හා ජපානය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති අතර අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයට විරෝධය පළ කිරීම සඳහා චීනයේ ජපානය තානාපතිවරයාට ද කැඳවීමක් සිදුකර ඇති බව සඳහන්.

දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් විසින් ද එකිනෙකා වෙත මේ සම්බන්ධව ප්‍රබල විරෝධතා එල්ල කර ඇති බව වාර්තා වනවා.