×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

රනිල්ගේ ලන්ඩන් සංචාරය ගැන හොයන්න CID කණ්ඩායමක් එංගලන්තයට

Local  •  Published on: 2025-11-17 02:34:54

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද බවට පැවසෙන ආරාධනා ලිපියේ සත්‍යතාව පරික්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 5 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් එක්සත් රාජධානියට පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් නීතිපතිවරයාගේ උපදෙස් හෝ දැනුම් දීමකින් තොරව එම පිරිස මෙම සංචාරයට ගොස් තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කණ්ඩායම පිටත්වීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිඳු උපදෙස් පතා නොමැති බවද වාර්තා වනවා.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු (DIG) ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP), ප්‍රධාන පරීක්ෂකවරයකු (CI) සහ කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළත් වන අතර ඔවුන් දින 5ක් සංචාරයක් සඳහා මේ සතිය මුලදී එක්සත් රාජධානිය බලා ගොස් තිබෙනවා.

නීතිපති පාරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ඇතුළු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මට්ටමේ නිලධාරීන් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායමක් එක්සත් රාජධානියට යැවීම ගැන දැනුවත් නොමැති බවද නීතිපති දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්වාධීනව මෙම කණ්ඩායම යැවීමට තීරණය කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යැවූ කණ්ඩායම විසින් හිටපු ශ්‍රී ලංකා එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය වූ සරෝජා සිරිසේන මහත්මියගෙන් අද (17) දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවද වාර්තා වනවා.

2023 සැප්තැම්බර් මසදී ඒ මහතා එවකට ජනාධිපති වශයෙන් සිටියදී තම බිරිඳ වන මහාචාර්ය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට වුල්වරහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේදී ගෞරව මහාචාර්ය පදවියක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වීමට එරට සංචාරය කළ අවස්ථාවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් තනතුර දැරුවේ සරෝජා සිරිසේන මහත්මිය විසිනි.

මේ වන විටත් එක්සත් රාජධානියේ පදිංචිව සිටින ඇයගෙන් ප්‍රකාශය ලබා ගැනීම සඳහා ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් බව පවසමින් ඒ සඳහා මහජන මුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිත කළ බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධව ඔහුට එරෙහිව අගෝස්තු මසදී CID විසින් නඩු පවරා ඔහු අත්අඩංගුවට ගෙන කෙටි කලකට රිමාන්ඩ් භාරයේ තබා ඇප මත මුදා හරින ලැබුවා.