×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නවදිල්ලි ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Foreign  •  Published on: 2025-11-17 02:37:28

ඉන්දියාවේ නවදිල්ලි නුවර පසුගියදා සිදුවූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කාශ්මීරයේ පදිංචිකරුවෙකු වන බවද සඳහන්.

මේ වන විට බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 73ක් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවර සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 8දෙනෙකු මියගියා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලැබුවා.