×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ සිද්ධිය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් කරුණු පැහැදිළි කිරීමක්

Local  •  Published on: 2025-11-17 07:54:14

ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ ඔප්පු සහිත පන්සල් භූමිය තුළ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල් ගල තබා එදින පන්සල් භූමියේ තැන්පත් කළ බුදු පිළිමයට ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මතු වීම හේතුවෙන් බුදු පිළිමය ඊයේ (16) රාත්‍රියේ එම ස්ථානයෙන් ඉවත් කළ බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල මහතා පවසනවා.

අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.

“ඊයේ දිනයේ ත්‍රීකුණාමලය කොටුව සම්බුද්ධ ජයන්ති  දහම්පාසල විහාරස්ථානයට අදාලව ඊයේ දිනයේ සිදුවීමක් වාර්තා වෙලා තියනවා.  ඊයේ දිනයේ රාත්‍රියේ තැන්පත් කරන ලද බුදු පිළිමයක් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පොලිසියට ඒ පිළිබඳව වාර්තාවක් ලැබුණා.

ඒ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වුනා. ඒ වාර්තාවේ සඳහන් වුනේ තැන්පත් කරන ලද බුදු පිළිමය සම්බන්ධව  යම් කඩාකල්පල්කාරී සිදුවීමක්….  එම බුදු පිළිමයට හානි කිරීමක් පිළිබදව තොරතුරක් ලැබුණා. 

ඒ අනුව බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් කරලා එහි ආරක්ෂාව සහතික කරලා තියනවා. ඒ වගේම ඊයේ හදිස්සියේ සිද්ධ වෙච්චි බුදු පිළිම තැන්පත් කිරීමක් අනුව තමයි ඒ කාරණය මතු වුනේ. අද දිනය වනවිට අපි පොලිසියට උපදෙස් දුන්නා එම බුදු පිලිමය නැවතත් එම විහාරස්ථානයේ තැන්පත් කරන්න කියලා.


මොකද අද දිනයේ සිට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබිලා තියනවා… එතන කලින් ආපන ශාලාවක් පවත්වාගෙන යනවා… ඒක නීති විරෝධීයි කියලා. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. 

අධිකරණ දෙන තීන්දුවක් අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ බුදු පිළිමය ඉවත් කරලා තියෙන්නෙ ආරක්ෂාව මත. මේ ඉඩම සම්බන්ධයෙන් තියන ගැටලුව අධිකරණයෙන් තමයි නිරාකරණය කරගන්න ඕන. ඒ හින්දා අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අද දිනයේ දී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළා. අධිකරණය දෙන තීන්දු අනුව කටයුතු කරනවා. 

බුදු පිළිමයේ ආරක්ෂාව සහතික කරලා තියනවා. මොකද නැවත අවාසනාවන්ත සිදුවීම් වෙන්න දෙන්න පුලුවන් කමක් නෑ. බුදු පිළිමය නැවත එම තිබුණ ස්ථානයට වැඩම කරවනවා.”