×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ෂෙයික් හසීනාට මරණ දඬුවම

Foreign  •  Published on: 2025-11-17 09:13:49

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මඟින් මරණ දඬුවම ලබාදී තිබෙනවා.

ඒ පසුගිය වසරේ එරට පැවැති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ල වී තිබූ චෝදනාව හේතුවෙනි.

සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම, වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම වැනි ක්‍රමික වරද යටතේ මෙලෙස හිටපු අගමැතිවරියට දඬුවම් ලබාදී තිබෙනවා.