×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහයෝගය දෙන්න - ජනපති GMOAවෙන් ඉල්ලයි

Local  •  Published on: 2025-11-17 16:08:08

ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට නියමිතව තිබෙනවා.

මේ අනුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම්. කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව පැවසුවා.

ඔහු මෙහිදී කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ යෝජනාව සම්බන්ධව ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවත් එම යෝජනා සම්බන්ධව ඉදිරියේ දී සාකච්ඡා කිරීමටත් එම යෝජනා පිළිබඳව සාධනීය විසඳුම් ලබාදීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා අවධානය යොමු කරන බවත්ය.

"අපි ජනාධිපතිතුමාව දැනුවත් කළා.. එතුමා පොරොන්දු වුණා මේ අයවැය යෝජනාවලිය පාදක කරගෙන සෞඛ්‍ය පද්ධතිය හෙට දවසට පවත්වාගෙන යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට ඒ සිදුකරන ලද යෝජනාවලියේදී විශේෂයෙන්ම වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු රට තුළ රඳවා ගන්න අපි විශේෂයෙන්ම ඉල්ලීම් කරලා තියෙනවා. ඉතිං මේ යෝජනා සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා කරන්නත් ඒ සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරන බවටත් එතුමා පොරොන්දු වුණා...

අපි අද හදිසි විධායක සභාවක් රැස්වෙනවා. ඉදිරියේදී හදිසි මධ්‍යම කාරක සභාවක් රැස්වීමට නියමිතයි. හදිසි විධායක සභාවත් හදිසි මධ්‍යම කාරක සභාවේදීත් මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ ගන්නට නියමිතයි."

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණා.

"රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය සමඟ සාකච්ඡාවකට අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි එක්වීමි.

කඩා වැටී තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත්කොට ඇති බවත්, එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බවත් මෙහිදී සඳහන් කළ මම, ඒ වෙනුවෙන් සහාය ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියෙමි.

පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්‍රයක මනා පැවැත්ම අතිශය වැදගත් බවත්, එය අප රජයේ මූලික අරමුණක් බවත් වැඩිදුරටත් පෙන්වා දුන් මම ඒ වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සියලු වෘත්තිකයන්ට හිමි විය යුතු පහසුකම් සලසා දීම රජයේ අපේක්ෂාව බවද සඳහන් කළෙමි."