×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මීටියාගොඩ වෙඩි තැබීමට පැමිණි බවට සැක යතුරුපැදිය පොලීසිය සොයා ගනී

Local  •  Published on: 2025-11-18 02:21:05

මීටියාගොඩ කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුකළ වෙඩි තැබීම සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය බද්දේගම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

බටපොළ බද්දේගම අම්පෙගම අම්බලම අසළ දමා ගොස් තිබියදී එම යතුරු පැදිය බද්දේගම පොලීසියට ලද තොරතුරක් මත සොයාගෙන ඇති බව සඳහන්.

වෙඩික්කරු මීටියාගොඩ අලුත්වල හරහා බද්දේගම දෙසට ගමන් කරන අතරවාරයේ දී යතුරුපැදිය මඟ දමා යන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා කියා සිටියේ මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ අවන්හලක ඊයේ (17) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගියා.

ඊයේ (17) රාත්‍රී 8.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

වෙඩි වැදීමෙන් මියගොස් තිබුණේ එම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.

මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වුණා.

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වූ අතර එම සිදුවීමට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.