×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පොලිස් වාර්තා ගන්න සිවිල් ආරක්ෂක කමිටු සභාපතිගේ අනුමැතියත් ඉල්ලයි

Local  •  Published on: 2025-11-19 04:05:35

පොලිස් වාර්තා ලබා ගැනීම  ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව අදාළ ග්‍රාම නිලධාරී වසමේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගෙන් චරිත සහතිකයක් ලබා ගත යුතු බවට පොලීසිය විසින් දැනුම් දී ඇති බව ග්‍රාම නිලධාරීන් පවසනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම සිවිල් ආරක්ෂක කමිටු අලුතින් පිහිටුවනු ලද අතර ඒ සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහභාගී වුණා.

මේ අනුව පොලිස් වාර්තාව ලබා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගෙන් ද චරිත සහතිකයක් ලබා ගන්නා ලෙස ග්‍රාම නිලධාරීන් විසින් සිය ප්‍රදේශයේ මහජනතාව මේ වන විට දැනුම් දී ඇති බව වාර්තා වනවා.