×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

නුගේගොඩ රැලිය ගැන පොලීසියෙන් නිවේදනයක්

Local  •  Published on: 2025-11-21 03:05:37

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිත මහජන රැළිය සඳහා සංවිධායකයින් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍රය මිරහාන පොලිස් ස්ථානයෙන් ඉල්ලුම් කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ අදාළ මහජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, සහ පාක්‍ෂිකයන් ද ඇතුළු විවිධ පිරිස් සහ මහජනතාව පැමිණීමට නියමිත බවයි.

තවද රැළිය පැවැත්වීමට නියමිත පරිශ්‍රයට ආසන්නයේ මේ දිනවල අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මධ්‍යස්ථාන පවතින බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් විභාග ලියන සිසුන්ට බාධාවක් ඇති විය හැකි බවද පොලීසිය සඳහන් කරනවා.

මේ අනුව අද උදෑසන 8.30 සිට 11.40 දක්වා සහ දහවල් 2.00 සිට සවස 5.00 දක්වා විභාග පැවැත්වෙන කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය නීතිරීති වලට අනුව සිදුවන ලෙස මිරිහාන පොලිසිය බලපත්‍ර කොන්දේසි යටතේ උපදෙස් ලබා දී තිබෙනවා.

විභාග මධ්‍යස්ථාන වෙත සිසුන්ට බාධාවක් නොවන පරිදි ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට සංවිධායකයින් වග බලා ගත යුතු බවද එහි සදහන් වනවා.

බලපත්‍ර කොන්දේසි අනුව රැළිය පැවැත්වෙන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතු බවත්, ඒ සඳහා නියමිත නීති රීති තහවුරු කරමින් කටයුතු කරන ලෙසත් පොලීසිය බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර මෙම රැළිය පැවැත්වීම හේතුවෙන් නුගේගොඩ නගරය සහ ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෙම කාලය තුළ මාර්ගය භාවිතා කරන රියදුරන්ට හා මහජනතාවට ඇතිවිය පීඩා අවම කිරීම සඳහා සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

භාවිතා කළ හැකි විකල්ප මාර්ග

කොළඹ / කොහුවල දෙසින් නාවලට හෝ පිටකෝට්ටේට ගමන් කරන වාහන සඳහා:
හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට හැරී කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන හා නාවල දෙසට ගමන් කළ හැක.

පිටකෝට්ටේ / නාවල දෙසින් නුගේගොඩ හරහා හයිලෙවල් මාර්ගයට යන වාහන සඳහා:
නාවල වටරවුමෙන් කට්ටිය හන්දිය, එතැනින් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දිය ඔස්සේ හයිලෙවල් මාර්ගයට පිවිසිය හැක.

මහරගම දෙසින් නුගේගොඩ නගරයට යන වාහන සඳහා:
ගම්සභා හන්දියෙන් දකුණට හැරී කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැක.