×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මාලිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හදිසියේම මරුට

Local  •  Published on: 2025-09-21 05:42:43

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ මහතා අද (21) උදෑසන මියගොස් තිබෙනවා.

මියයන විට ඒ මහතා 47 වැනි වියේ පසු වුණා.

ඔහු අද (21) උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදී පෙ.ව. 6ට පමණ ඇද වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය ප්‍රාදේශීය සභාපතිවරයාගේ මෘත දේහය මේ වන විට කරන්දෙණිය බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

අවසන්වරට පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයට කන්දෙණිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය යටතේ බොරකන්ද කොට්ඨාසයෙන් ඔහු තරඟ කළා.

මෙහිදී ජයග්‍රහණය ලැබූ මහීල් රංගජීව මුණසිංහ මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාපතිවරයා බවට පත් වුණා.