පහළ කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය පුද්ගලයින් ගණන ඉහළට
Local • Published on: 2025-11-22 11:54:33
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නාය යෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදනෙකුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
මේ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයින් ගණන සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අද (22) 9ට පමණ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල් පෙරලීමෙන් මෙම නාය යෑම සිදුව තිබුණා.
නාය යෑමෙන් සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර මුදා ගැනුණු පුද්ගලයින් සිව් දෙනෙක් මේ වන විට මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සුන්බුන් අතර තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සිරව සිටින අතර ඔවුන් මුදා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
මේ අතර ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නාය යෑම සිදුවූ ස්ථානය නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා අවට ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනු ලබනවා.