×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

Local  •  Published on: 2025-11-22 13:18:21

පවතින අධික වැසි තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කළු ගඟෙහි කුඩා ඟඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

තවදුරටත් වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම තත්ත්වය සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුල බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මේ හේතුවෙන් එම පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලනේ යුතුව කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශ ආශ්‍රිත පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.