×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

වෙනස්කම් තුනක් කරත් සනත්ගේ ගෝලයෝ සුපුරු රිද්මයම රඳවා ගනී

Local  •  Published on: 2025-11-23 02:31:27

තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා සහ පාකිස්ථානය අතර ඊයේ (22) පැවැති තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ ඊයේ (22) තරඟයට කැඳවූ කමිල් මිශාර තරඟයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නද කමිල් මිශාරගේ දැවී යාම සමඟ අනෙක් ක්‍රීඩකයින් ආ විගසම ක්‍රීඩා ගාරයට යාමට ලබා ගත්තා.

මෙම තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තත්වයකද හෑල්ලු කරන මට්ටමේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමද විශේෂත්වයක් වනවා.

ලකුණු 129ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණ දැවී ලකුණු 131ක් ලබා ගනිමින් එම ඉලක්කය පසුකර ගියා.

මෙහිදී පාකිස්ථානය වෙනුවෙන් Sahibzada Farhan නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව පාකිස්ථාන පිතිකරුවෙකු විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වුණා.

තවද Sahibzada Farhan තම ඉනිම වෙනුවෙන් හයේ පහර 5ක් එල්ල කළා.

එය සැලකෙන්නේ පාකිස්ථාන ක්‍රීඩකයෙක් විස්සයි විස්ස තරඟයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වනවා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගත් අතර දසුන් ශානක එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ලක්ෂ ගණන් මුදල් ගෙවා පුහුණුකරුවන් සහ කාර්ය මණ්ඩලයට අමතර විශේෂඥ පිතිකරණ පුහුණුකරුවන්ගෙන් පුහුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තවමත් එහි නිසි ඵල ලබා නොගැනීම ද කණගාටුවට කරුණක්.

හිසේ රුදාවට කොට්ට මාරු කරනවා මෙන් ක්‍රීඩකයින් සහ තම ප්‍රතිපත්ති කලින් කලකට වෙනස් කරන ක්‍රීඩක බලධාරීන් එකදිගට එක පෙලට මෑතකාලයේ ලබා ගන්නා පරාජයන්හි වගකීම ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් මීට තිබූ ගෞරවාන්විත ස්ථානය දක්වා ඔසවා තබන්නේ කවදාද?

පරාජයේ ඉඩෝරයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තම රැකියාව නිසි ලෙස රට වෙනුවෙන් ඉටු කරන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂ ඉත්තෑවන් උපේක්ෂා සහගතව බලා සිටිනවා.