×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනයට ගෙන එන පනත ළඟදීම පාර්ලිමේන්තුවට

Local  •  Published on: 2025-11-24 02:12:40

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉතාම ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එම පනත් කෙටුම්පතට අනුකූල නොවන බැංකු නොවන ණය දෙන ආයතනවලට මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරීමෙන් අනතුරුව වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ 50 නොව වැඩි දඩයකට හෝ වසර 5කට නොවැඩි සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් වීමට සිදුවනු ඇති.

යෝජිත ක්ෂුද්‍ර මුල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

යෝජිත පනත් කෙටුම්පත මඟින් මුදල් ණයට ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම පමණක් නොව 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය පනත අවලංගු කිරීමට ද අපේක්ෂා කරනවා.

පනත් කෙටුම්පත මඟින් පිහිටුවීමට අපේක්ෂා කරන ක්ෂුද්‍ර මුල්‍ය හා ණය නියාමන අධිකාරියට එහි වියදම් පියවා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් ලැබෙන රුපියල් මිලියන 100කට ප්‍රදානයට අමතරව බාහිර මුලාශ්‍රවලින් පරිත්‍යාග සහ ප්‍රදාන පිළිගැනීමේ බලතල ලබාදී තිබෙන බවද පැවසෙනවා.

ඇතැම් බැංකු නොවන ණය දෙන ආයතන මාසිකව සියයට 1.5 සිට වාර්ෂිකව සියයට 310 ක පොලී අනුපාතයක් සිය පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන බවට එල්ලවන චෝදනා මධ්‍යයේ මෙම පනත ගෙන ඒමද විශේෂත්වයක් වනවා.