×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීම අද සිට

Local  •  Published on: 2025-11-24 04:17:07

මඟී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම බැංකු කාඩ්පත් මඟින් අද (24) සිට ගෙවීමේ හැකියාව ලබාදීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මෙහි සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් නැවත ලබා නොදීම ආදී ගැටළුවලට විසඳුමක් ලෙස මෙලෙස බැංකු කාඩ්පත් හරහා ගාස්තු ගෙවීමේ පහසුකම ලැබෙනු ඇති.

ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලබන අතර පළමු අදියර ලෙස මාර්ග 20ක පමණ එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණා.