×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස්

Local  •  Published on: 2025-11-26 04:12:34

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ 2023/10/26 වන දින දකුණේ ඉන්න සිංහලයින් උතුරේ ඉන්න දෙමළ අය කපා කොටා මරා දැමිය යුතු ලෙස කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව වන පැමිණිල්ලකට අදාළවයි.

රූපවාහිනී පුවත් තුළින් විකාශය වූ තිබූ මෙම ප්‍රකාශය පිළිබඳව 2023 වසරේ ඔක්තෝබර් 27 වන දින නීතිඥ ධනුක මහතා විසින් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා.

එම පැමිණිල්ල මත මඩකලපුව පොලීසිය විසින් ICCPR පනත යටතේ විමර්ශන සිදුකර තිබෙනවා.

2023 වසරේ සිට මෙම විමර්ශන මන්දගාමීව සිදුව තිබෙන අතර පැමිණිලි පර්ශව්‍යා මේ සම්බන්ධව එවකට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කරන විමසිමේදි නිතිපති උපදෙස් ලබා ගනිමින් සිටින බව පවසා තිබුණා.

මේ අනුව මෙම හිමියන් විසින් සිදුකළ ප්‍රකාශය ආවරණය කළ මාධ්‍යවේදීන්ගේ ප්‍රකාශයන් මෙන්ම එම CD තැටිය පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

අනතුරුව එය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබුණා.

එම රස පරීක්ෂක වාර්තා අනුව නීතිපතිවරයා විසින් අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

පැමිණිලි පාර්ශවය විසින් මේ සම්බන්ධව පොලිස් නිලධාරීන්ගෙන් විමසා ඇති අතර, උන්වහන්සේ පැමිණ පොලීසියට භාරවන තෙක් බලා සිටින බවට පොලීසිය විසින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් වු නඩුව ලබන දෙසැම්බර් මස 8වන දින නැවත කැඳවිමට නියමිතයි.