×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී දුම්රිය ධාවනය නොකිරීමේ තීන්දුවක්?

Local  •  Published on: 2025-11-26 05:54:27

වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී තැපැල් දුම්රිය දහවල් කාලයේ ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් චාමර ජයසේකර මහතා කියා සිටියේ ඊයේ (25) දිනයේ රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමට මඟීන්ට අවස්ථාව නොලැබීමෙන් ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටි බවයි.

"ඊයේ දින රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ සිට ත්‍රිකුණාමලය, කොළඹ සිට මඩකලපුව සහ මොරටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියවල කලින් ආසන වෙන්කිරීම පද්ධතියට මුදාහැරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ නෑ. පෙර දැනුවත් කිරීමක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකළේ නෑ. 

ඒ නිසා මහජනතාවගේ දෝෂදර්ශනයට ලක්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සිදුවුණා. ඒ ගැන සොයා බැලීමේ දී අපට දැනගන්න ලැබුණේ දුම්රිය රියදුරු සංගමයේ ඉල්ලීම මත රාත්‍රියේ ධාවනය වන තැපැල් දුම්රියවල දුම්රිය කාලසටහන සංශෝධනයට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා කියලා. 

ඉදිරියේ දී මේ දුම්රිය ධාවනය වන්නේ දහවල් කාලයේ දී. මේ හරහා මහජනතාවට සේවාවක් සැපයෙනවා ද කියලා ගැටලුවක්. ත්‍රිකුණාමලය, මඩකලපුව හා යාපනය යන ප්‍රදේශවල ඉඳලා ජනතාව රාත්‍රියට පැමිණෙන්නේ පහුවදා ඔවුන්ට අවශ්‍ය සේවාවන් සිදුකරගන්න. නමුත්  දහවල් කාලයේ දී දුම්රිය සේවාව සැපයීම තුළින් ජනතාව බලාපොරොත්තු වන සේවය සපයා ගැනීමට හැකිවේද යන ගැටලුව තියෙනවා."