×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

අමෙරිකානු ජනාධිපති චීනයේ නිල සංචාරයකට සුදානම් වෙයි

Foreign  •  Published on: 2025-11-26 08:06:51

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ අප්‍රේල් මසදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සිදුකළ දුරකථන සංවාදයකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

ඊට අමතරව ලබන වසරේ අග භාගයේ දී චීන ජනාධිපති ෂී ජින්පින්ට රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට ආරාධනා කර ඇති බවද වාර්තා වනවා.

මෙම දුරකථන සංවාදයෙන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් සඳහන් කළේ "චීනය සමඟ අපගේ සම්බන්ධතාවය අතිශයින්ම ශක්තිමත්'' බවයි.

දෙරටේ නායකයින් ඔක්තෝම්බර් මසදී දකුණු කොරියාවේ බුසාන් හිදී හමුවීමක් සිදු වූ අතර පසුව ඔවුන් තීරු බදු පැනවීම පිළිබඳව එකඟතාවයකට පැමිණ තිබුණා.