×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මහනුවර ගංගොඩ ප්‍රදේශයේ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

Local  •  Published on: 2025-11-27 11:59:23

මහනුවර උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නාය යෑමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාර්තා වන අන්දමට එම ප්‍රදේශයේ විශාල කොටසක් නාය ගොස් ඇති බව සඳහන්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ නිවාස 7ක් පමණ නාය යෑමට හසුව ඇති බවයි.

මෙම නාය යෑමෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 17 දෙනෙක් අතුරුදහන්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඔවුන් සොයා යුද හමුදාව සහ ආපදා අංශ මේ වන විට මෙහෙයුම් දියත් කර තිබෙනවා.