×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ප්‍රචණ්ඩ වූ දිට්වා ඉදිරි පැය 48 තුළදී ඉන්දියාවට ඇතුළු වෙයි

Local  •  Published on: 2025-11-28 01:58:16

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි ඇති වූ දිට්වා සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලය තුළ තමිල්නාඩුවෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් තමිල්නාඩුව ආශ්‍රිත වරායන්වලට අවවාදාත්මක නිවේදන දැනටමත් නිකුත් කර තිබෙනවා.

ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් දිට්වා මේ වන විට ඉන්දියාවේ පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්.

මේ හේතුවෙන් ඩෙල්ටා දිස්ත්‍රික්කයට මෙන්ම තමිල්නාඩුවේ කඩලුර් සහ විල්ලපුරම් දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (27) පස්වරුව වන විට දිට්වා සුළි කුණාටුව මඩකලපුවට කිලෝමීටර් 60ක් දුරින් ගමන් කරමින් තිබුණා.

මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සිටියේ මෑත ඉතිහාසයේ දිවයිනට ඇඳහැලෙන වැඩිම වර්ෂාව ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බවයි.

ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගල මරණ 37ක් වාර්තා වුණා.

නොවැම්බර් 17 වනදා සිට මේ දක්වා මියගිය ගණන 47කි.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙක් අතුරුදහන්ව සිටිනවා.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම සමඟ ප්‍රධාන ගංගා ද්‍රෝණි රැසක පහත් බිම්වලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළා.