×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Local  •  Published on: 2025-11-28 02:17:48

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී රැස්වුණා.

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී ආරක්ෂක අංශය සහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඊයේ (27) පෙරවරුවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේ දී ගනු ලැබූ තීන්දු තීරණ මෙන්ම ආපදා කළමනාකරණ පිළිබඳව මේ වන විට ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම, එහිදී මතුව ඇති ගැටළු සහ ඊට ලබාගත හැකි කඩිනම් විසඳුම් පිළිබඳව විමසා බැලීමද මෙහිදී සිදුකෙරුණා.

තවද වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධවද විශේෂයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

විශාල ජල කඳක් ඒකරාශී වීමෙන් වැව් බැම්මට සහ ජලාශවල වේල්ලට එල්ල විය හැකි පීඩනය නිසා ඒවා කැඩී යෑමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධ අවධානයෙන් කටයුතු කරමින් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර ගන්නා ලෙසද අදාළ අංශවලට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් දැනට දිස්ත්‍රික්කවලට වෙන් කර ඇති මුදල් සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇති අතර දැනට වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් බව එහිදී නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.