×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

ජනපති අනුර හෙට අමෙරිකාවට

Local  •  Published on: 2025-09-21 14:42:10

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (22) රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීමට නියමිත බවයි.

ජනාධිපතිවරයා ලබන බදාදා (24) එරට වේලාවෙන් ප.ව. 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව සඳහන්.

මෙම සංචාරය අතරවාරයේ දී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙක් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතයි.

ඊට අමතරව ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකිකයන් සමඟ හමුවකට ද සහභාගී වනු ඇති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වීමට නියමිතයි.