×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

විපතට පත් ජනතාව මුදවා ගන්න මුදල් බාධාවක් කරගන්න එපා - ජනපති

Local  •  Published on: 2025-11-28 08:16:37

විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගෙන මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරු වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2ක මුදලක් වෙන්කර ඇති බවයි.

ඊට අමතරව 2025 අයවැයෙන් ද තවත් රුපියල් බිලියන 30ක හදිසි අවශ්‍යතා සඳහා වෙන්කර ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

තවද ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්.

මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට නව චක්‍ර ලේඛයක් වහාම නිකුත් කරන ලෙස ද මෙහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කඳවුරුවල පාලනය යුද හමුදාවට භාර දීමටත් සිරව සිටින ජනතාව මුදවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු හෙලිකොප්ටර් ඇතුළු වෙනත් උපකරණ සහ වාහන පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා ආරක්ෂක මුලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වාගෙන යාමට සහ ඒ හා සම්බන්ධ වීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමටත් අදාළ අංශවෙත දැනුම් දී තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ගංවතුර, නායයාම් සහ ගස්කඩා වැටීම් හේතුවෙන් විනාශ වී ඇති යටිතල පහසුකම් පිළිබඳ ලේඛන සකස් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කරන ලෙසත් ආපදා තත්ත්වය පහව යාමත් සමඟ එම ලේඛනවලට අනුව ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් අදාළ පිළිසකර කිරීම් ආරම්භ කරන ලෙසත්ය.