×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මේ මොහොතේ ලංකාවට අපේ සහයෝගය ලබා දෙනවා - විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ අග්‍රාමාත්‍යවරියට දැනුම් දෙයි

Local  •  Published on: 2025-11-29 04:00:10

හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ රට යථා තත්ත්වයට පත් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා වන හමුවක් අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (28) පැවැත්වුණා.

ආපදා තත්ත්වය හමුවේ රජය විසින් අඛණ්ඩව සිදු කරනු ලබන හදිසි සහන මෙහෙයුම් සහ විපතට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත්කර ගැනීම සහ ජනතාව බේරාගැනීම සඳහා වන ඉදිරි පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී දැනුවත් කළා.

ගංවතුර සහ පවතින ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය ගනිමින් සිටින ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳවත් නැවත ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.

මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රජයට විදෙස් රටවල සහයෝගීතාවය පළකරන බවට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

තවද මානුෂීය ආධාර, පහසුකම් සහ අඛණ්ඩව සහන ලබා දීමේදී සහ යථාතත්වයට පත්වීම වෙනුවෙන් විදෙස් සහාය ලබා දීමේදී ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බවද විදෙස් නියෝජිතයෝ සඳහන් කර තිබෙනවා.