×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අයහපත් කාලගුණය නිසා පුද්ගල මරණ 123ක්

Local  •  Published on: 2025-11-29 07:57:23

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ 123 මේ වන විට වාර්තා වී ඇති බව වාර්තා වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ තවත් පුද්ගලයින් 130 දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (29) උදෑසන 9ට නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව තිබෙනවා.

මේ වන විට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 102877ක පුද්ගලයින් 373428 දෙනෙක් ආපදාවට ලක්ව ඇති බව සඳහන්.

තවද පවුල් 13690කට අදාළව පුද්ගලයින් 43,925කු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 488ක රැඳී සිටිනවා.

මේ අතර ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 51ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 35ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට මරණ 8ක් වාර්තා වී තිබෙනවා.

මහනුවර  ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 67 දෙනෙක් අතුරුදහන්ව ඇති අතර බදුල්ලේ පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.