×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්න ලෙස ඉල්ලයි

Local  •  Published on: 2025-11-30 07:45:31

වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ට අද (30) පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය එම හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විදුලිබල පද්ධතියේ දක්නට ලැබෙන සැලකිය යුතු අඩු ඉල්ලුම හේතුවෙන් පවතින ආපදා කාලය තුල ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වන බව පෙන්වා දෙනවා.