×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 8 ඉක්මවයි

Local  •  Published on: 2025-12-01 02:22:03

කැළණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වන විට අධි ගංවතුර තත්ත්වයක් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන බවයි.

එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ කැළණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි.

මේ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙනවා.

මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම ලෙස මෙය සැලකෙනවා.

තවදුරටත් ජල මට්ටමේ වැඩි වීමක් සිදු නොවන බවත් කැළණි පන්සල ආසන්නයේ පිහිටි ගංවතුර වේල්ල මේ වන විට සැලසුම් කරන ලද ජල මට්ටමේ උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පවසනවා.

ඉදිරියේ දී යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම නිවේදන ගැන අවදානයෙන් සිටින ලෙස ගංවතුර වේල්ල ආසන්නයේ සිටින සියලුම දෙනාගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.