×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ආපදා මරණ 350 සීමාව පනී

Local  •  Published on: 2025-12-01 06:57:42

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ ගණන 355ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (01) උදෑසන 9ට නිකුත් කළ නවතම නිවේදනයක මේ බව සඳහන් වනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 366ක් අතුරුදහන්ව තිබෙනවා.

පවුල් 318252කට අයත් පුද්ගලයින් 1156860ක් මේවන විට ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ ගණන මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් පමණක් මරණ 88ක් වාර්තා වී ඇති බව සඳහන්.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, , කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 46 දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 35 දෙනෙකු මේ වන විට අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.