×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවාසවලට යන්න එපා - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

Local  •  Published on: 2025-12-01 16:31:14

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් පරික්ෂා කර නිගමන ලබාදෙන තුරු නිවෙස්වලට නොඑන ලෙස එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා.

ඔහු ජනතාවට උපදෙස් ලබා දෙමින් සඳහන් කරන්නේ අදාළ නිලධාරීන්ට පැමිණි නිශ්චිතව සිදුකළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව දැනුවත් කර නිගමනය ලබාදෙන තෙක් එම නිවාසවලට යා හැකි බව තහවුරු කරන තෙක් බෙහෙවින්ම අනාරක්ෂිත ස්ථානවල සිටින ජනතාව එම ස්ථානවලට නොඑන ලෙසයි.

මේ අනුව දැඩි අනාරක්ෂිත තත්ත්වයන්හි සිටි ජනතාව තවදුරටත් කඳවුරුවලම රැඳී සිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ මහතා පවසන්නේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය කොට්ඨාස 70කට නිවේදනය කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන සහ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.

තවද වර්ෂාව අධිකව ලැබුණු සෑම ස්ථානයක්ම ජලයෙන් සංතෘප්ත වී ඇති හෙයින් ඉදිරි දින කිහිපයේ දී වුවද නාය යෑමක්, ගල් පෙරළීමක්, කන්ඩි කඩා වැටීමේ හැකියාවක් පවතින බවද වසන්ත සේනාධීර මහතා සඳහන් කළා.

එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේ පොළොවෙන් නුහුරු සද්ද සහ ජල උල්පත් ඇතිවීම නැතිවීම යන ලක්ෂණ දුටුවහොත් එම ස්ථානයන්ගෙන් වහාම ඉවත්වන ලෙසයි.