×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ඉන්දීය අගමැති සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

Local  •  Published on: 2025-12-02 01:27:02

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ඊයේ (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ සිදුවූ විනාශය පිළිබඳව සිය කණගාටුව පළකර ඇති බව සඳහන්.

මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළකර ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කර තිබෙනවා.

විපතට පත්වූ පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික වී ඇති බව වාර්තා වනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ආපදාවට පත්වූ ප්‍රදේශයන්හි ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන විට, ඉදිරියේදී අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවයි.