×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව

Local  •  Published on: 2025-12-02 09:05:51

වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු දෙසැම්බර් මස 4 වන දින පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඒ මහතාගේ දේහය අද (02) දින ලුණුවිල පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි.

මේ අනුව අද (02) සවස සිට රත්මලාන නිවස වෙත රැගෙන යෑමට නියමිත බවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයක් ලුණුවිල ප්‍රදේශයේ දී හදිසි ගොඩබෑමක් සිදු කිරීමට යාමේ දී අනතුරට පත්වීමෙන් එහි ප්‍රධාන ගුවන් හමුදා නියමුවා ලෙස කටයුතු කළ විංග් කමාන්ඩර් නිර්මල සියඹලාපිටිය මහතා ජිවිතක්ෂයට පත්වුණා.

ඔහු සිදුකළ සේවය අගය කරමින් නොවැම්බර් මස 30 වනදා සිට විංග් කමාන්ඩර් නිලයේ ගෲප් කැප්ටන් නිලය දක්වා උසස් කර තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ඔහු අනතුරට මුහුණ දුන්නා.

මෙහිදී හෙලිකොටර් යානය ඒ අසල ඇළකට වැටී අනතුරට පත්වුණා.

එම අවස්ථාවේ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සිට තිබෙනවා.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඔවුන් කඩිනමින් මුදාගෙන මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණා.

අනතුරෙන් ප්‍රධාන ගුවන් නියමු 41 හැවිරිදි විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ජීවිතක්ෂයට පත්වූණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ ඔහු ගුවන් පැය 3000කට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කර තිබූ පළපුරුද්ද ගුවන්හමුදා නියමුවෙකු බවයි.

අනතුරින් තවත් ගුවන් හමුදා නිලදාරීන් සිව්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.