×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

කොත්මලේ වේල්ල ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරපු අය ගැන හොයනවා - ජනපති

Local  •  Published on: 2025-12-02 10:09:18

ආපදා තත්ත්වයකදී අවදානම් ප්‍රදේශවලින් ඉවත් නොවන පිරිස් ඉවත් කිරීමට ආරක්ෂක අංශ වෙත අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සහ ලේකම්වරු සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

''දිස්ත්‍රික්කවල ඇතිවී තිබෙන හානියත්, හානියේ ප්‍රමාණයත් පිළිබඳ වාර්තා අපිට දෙන්න. එතකොට පුළුවන්කම තියෙනවා දළ ඇස්තමේන්තුවක් හදාගන්න. ඒ වගේම අපි අනපේක්ෂිත වියදම් සඳහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද බිලියන 30කට ආසන්න මුදලක් ඉතිරි වී තිබෙනවා. තවත් අවශ්‍ය නම් මුදල් ප්‍රතිපාදන පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තු හරහා සම්මත කර ගන්න පුළුවන්.

කට කතාවක් කරලා තියෙනවා කොත්මලේ ඩෑම් එක පුපුරා යාමේ අනතුරක් තියෙනවා කියලා. පොලිස්පතිතුමාටත් ඒ වගේම අපේ බුද්ධි සේවාවන්ටත් මම දැනුම් දුන්නා වහාම හොයන්න ඕනේ කවුද මේ කටකතා පතිරුවේ කියලා.''