×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ආපදාවට ලක්වූ ප්‍රදේශවල විදුලි බිලට වෙන දේ මෙන්න

Local  •  Published on: 2025-12-02 16:51:16

ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල විදුලි පාරිභෝගික ජනතාවගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී විදුලි ඉංජිනේරු ෂර්ලි කුමාර මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ විදුලි බිලට අදාළව මෙම ප්‍රදේශවල විදුලි විසන්ධි කිරීමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු නොකරන බවත් එම බිල ඉදිරි මාසවලදී අදාළ බිලට එකතු වන බවත්ය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කිසිඳු ආකාරයක විදුලි විසන්ධි වීමක් සිදු නොකරන බවද ඒ මහතා කියා සිටිය සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ,

"ආපදාවට ලක්වී ඇති බොහෝ ප්‍රදේශවල මනු කියවීමට නොහැකියි. විදුලි බිල් ද බෙදා හැරීමට හැකියාවක් නැහැ.

ඒ අනුව එම අදාල බිල් ඉදිරි මාසවලදී විදුලි පාරිභෝගික ජනතාව වෙත ලැබීමට සලස්වනවා.

මේ අවස්ථාවේදී විදුලි විසන්ධි කිරීමක් කිසිඳු ආකාරයකට සිදු කරන්නේ නැහැ.

අයහපත් කාලගුණය නිසා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ද අතිවිශාල අලාභයක් සිදුව තිබෙනවා. එය ගණනය කෙරෙමින් පවතිනවා."