×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ලංකා මෙට්‍රෝ බස් සමාගම ලබන මස පිහිටුවනවා – අමාත්‍ය බිමල් රත්නායක

Local  •  Published on: 2025-09-22 03:31:57

ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සාමාජිකයෙකු ලෙස ලංකා මෙට්‍රෝ බස් සමාගම ලබන ඔක්තෝබර් 8 වනදා පිහිටු වන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “පුනරුදයට මග” තේමාව යටතේ බස් ඩිපෝ 25 ක් නවීකරණය කිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් තලංගම ඩිපෝ පරිශ්‍රයේදී පැවැති වැඩසටහන අමතමින්.

සම්පුර්ණයෙන්ම 100%ක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සමගාමක් ලෙස මෙම සමාගම පිහිටුවන බවද ඔහු මෙහිදී කියා සිටියා.

ඒ මහතා පෙන්වා දෙන්නේ කෙසේ නමුත් එහි ක්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට සමාන වන බවයි.

ලබන 2026 වර්ෂයේ ජනවාරි පළමු වනදා සිට දුරගමන් ධාවනයේ නිරත සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා මඟීන්ට ද ආරක්ෂක බඳ පටි පැළඳවීම අනිවාර්ය කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.