ඇපල් සමාගමත් ලංකාවේ උදව්වට පැමිණෙයි
Local • Published on: 2025-12-03 06:38:37
ගංවතුර නායයෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් නැවත ගොඩගැනීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත්ව තිබෙනවා.
එම සමාගමේ විධායක නිලධාරී ටිම් කුක් සිය X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ජනතාව මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් රැසකට ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් 1300කට වැඩි පිරිසක් මියගොස් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති බව මේ වන විට වාර්තා වනවා.
මේ අනුව ආපදාවට පත්වූ රටවල්වල සහන සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය දැක්වීමට ඇපල් සමාගම මෙලෙස ඉදිරිපත්ව තිබෙනවා.