ආපදා මරණ 500 සීමාවට ලංවෙයි
Local • Published on: 2025-12-03 08:37:11
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑ ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ ගණන 474ක් ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (03) උදෑසන 10ට නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වනවා.
ආපදා හේතුවෙන් පුද්ගලයින 356ක් අතුරුදහන්ව තිබෙනවා.
පවුල් 448817කට අයත් පුද්ගලයින් 1586329ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, කුරුණෑගල මරණ 53ක්, කෑගල්ලෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 29ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වනවා.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 43, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව තිබෙනවා.