×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පානීය ජලයේ ගුණාත්මක බව ගැන සහතිකයක්

Local  •  Published on: 2025-12-03 15:54:35

ආපදා තත්ත්වය යටතේ කුමන බලපෑම් එල්ල වුවත් ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව කිසිඳු ගැටළුවක් නොමැති බව ජාතික ජලසම්පාදන හා මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා කියා සිටියේ මේ වන විට ආපදා හේතුවෙන් බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්ක 21න් 13ක ජල සම්පාදන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවැති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පූර්ණ හානි සිදුව ඇති බවද ඔහු සඳහන් කරනවා.

ඒ මහතා පවසන්නේ අද (03) දිනය වන විට බිඳවැටුණු ජල සම්පාදන ව්‍යාපෘති 159න් 139ක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

තවත් දිස්ත්‍රික්ක 8ක ජල සම්පාදන ව්‍යාපෘතිය 17ක් සකස් කිරීමට ඇති බව ඔහු සඳහන් කරනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ ජල ව්‍යාපෘතිවලට ළඟා වීමට නොහැකි ලෙස මාර්ග අවහිරතා සිදුව ඇති සහ විදුලිබලය ඇණහිට ඇති ස්ථානවල තවමත් ජල සැපයුම ලබාදීම අසීරු වී ඇති බවත් මධ්‍යම, ඌව හා වයඹ පළාතට ජල සම්පාදන කටයුතු බිඳ වැටී අති බවත්ය.