×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කරන්න IMF සුදානමින්

Local  •  Published on: 2025-12-05 09:33:07

රට පුරා ජීවිත බිලිගෙන දහස් ගණනක් අවතැන් කළ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර තත්තවයෙන් මෙරට ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සුදානමින් පසුවනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මේ බව සඳහන් කළා.

ඇය මෙහිදී පැවසුවේ ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම ඇගයීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවයි.

"සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව තිබේ. එම පදනම මත මිනිස් ජීවිත හානිවලට අමතරව ආර්ථික ක්‍රියාකාරකම්වලටත් අහිතකර ලෙස බලපානු ඇතැයි අපි අපේක්ෂා කරනවා".

ශ්‍රී ලංකාව දැනට එහි හවුල්කරුවන් සමඟ එක්ව කඩිනම් පශ්චාත් ආපදා හානි තක්සේරුවක් සිදු කරමින් සිටිනවා.

මෙම තක්සේරුව අවසන් වූ පසු ආර්ථික ඇඟවුම් පිළිබඳව පැහැදිළි ලැබෙනු ඇති බවද ඇය පවසනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විස්තීර්ණ අරමුදල් පහසුකම පිළිබඳව කොසැක් මහත්මිය කියා සිටින්නේ මෙරට ප්‍රතිසංස්කරණ ප්‍රයන්තයට සහාය වීමට IMF කැපවී සිටින බවයි.

"EFF ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිමත් වීම, ප්‍රතිසංස්කරණය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අපි අඛණ්ඩව සහාය දක්වනවා".

සුළි කුණාටුව පෙර පසුගිය ඔක්තෝබර් මස පස්වන සමාලෝචනය පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සහ IMF කාර්ය මණ්ඩලය දැනටමත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි ඇති බවද ඇය මෙහිදී අවධාරණය කළා.

තවද ඇය සඳහන් කරන්නේ IMF IMF කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රතිසාධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම සඳහා විකල්ප සොයා බලමින් සිටින බවත්, දෙසැම්බර් 15වනදා IMF මණ්ඩල රැස්වීම පැවැත්වීමේ අපේක්ෂාවෙන් සිටින බවත්ය.