×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළවූ පුවතට පොලීසියෙන් ප්‍රතිචාර  •  සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ - කාදිනල් හිමි  •  සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී  •  ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට  •  ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

යුද හමුදාපති ඉන්දියාවේදී කලාපයේ ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් ගැන සාකච්ඡා කරයි

Local  •  Published on: 2025-06-12 20:06:10

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් බී.කේ.ජී.එම්. ලසන්ත රොද්‍රිගෝ මහතා ඉන්දියාවේ සිව්දින නිල සංචාරයක නිරතවී සිටී. යුද හමුදාපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ සහයෝගීතාවය සඳහා නව මාවත් ගවේෂණය කිරීම බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන් හමුදාවන්ගේ පුහුණු කිරීම් සහ හැකියාවන් වැඩිදියුණු කිරීමද මෙම සංචාරයේ අරමුණක් වෙයි. ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ දෙරටේ දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටේ අඛණ්ඩ උත්සාහයන් එමගින් තහවුරු කෙරෙන බවය. යුද හමුදාපතිවරයාගේ සංචාරයේ පළමු දිනය නවදිල්ලියේ ජාතික යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයකින් ආරම්භ කර තිබේ. ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවය සහ කලාපීය ආරක්ෂක ගැටලු ඇතුළු පුළුල් පරාසයක කරුණු පිළිබඳව හමුදා නායකයින් දෙදෙනාම සාකච්ඡා කළ බවද ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.