ආපදා මරණ 607යි - වැඩිම මරණ මහනුවරින්
Local • Published on: 2025-12-06 01:30:39
ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ ගණන 607ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඊයේ (05) සවස 6ට නිකුත් කළ නවතම වර්තාවක මේ බව සඳහන් වනවා.
ඒ අනුව ආපදා හේතුවෙන් පුද්ගලයින් 214ක් අතුරුදහන්ව තිබෙනවා.
පවුල් 586,464කට අයත් පුද්ගලයින් 2,082,195ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.
එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ ගණන වන මරණ 232ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 30ක්, පුත්තලමෙන් මරණ 30ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇති බව සඳහන්.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 81 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 35ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 41ක්, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විටත් ආපදා හේතුවෙන් අතුරුදහන් තිබෙනවා.
තවද පවුල් 43715ක පුද්ගලයින් 152537ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවද එම නිවේදනයේ දැක්වෙනවා.