මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙයි
Local • Published on: 2025-12-06 02:23:50
ඉදිරි දිනවල වැසි තත්ත්වය වැඩි වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.
එම අධිකාරිය නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ උපරිම ජල මට්ටම දී ජලාශයට ලැබෙන ශීඝ්‍රතාවය අනුව වාන් දොරටු විවෘත කිරීමට පියවර ගන්නා බවයි.
මේ අනුව වාන් දැමීමේ දී අඹන්ගඟට ජලය මුදා හැරෙනු ඇති.
එමඟින් අඹන්ගඟ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවනු ඇති බවද එම අධිකාරිය සඳහන් කරනවා.
මේ හේතුවෙන් අඹන්ගඟ සහ මහවැලි ගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස ද එම අධිකාරිය දැනුම් දෙනවා.
මේ පිළිබඳව මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය වෙතද දන්වා යවා තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ මේ වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 98.87%ක් ලෙස පවතින බැවින් ඉදිරි දින වැසි තත්ත්වයේ වර්ධනය වීමක් සිදුවුවහොත් ජලාශයේ ජල මට්ටම් උපරිම අගය දක්වා පැමිණෙනු ඇති බවයි.
මේ අනුව වාන් දොරටු විවෘත කිරීමක් සිදුකළ හොත් ඒ සම්බන්ධව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍රචාරණ කටයුතු හරහා සියලු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවට මොරගහකන්ද කාර්යභාර ඉංජිනේරුවරයා විසින් මේ වන විට සිය කළමනාකරණ ඒකකය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්.