×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් දෙන්න IMF අවධානය

Local  •  Published on: 2025-12-06 03:24:12

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හදිසි මුල්‍යයන පහසුකම (Rapid Financing Instrument - RFI) යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ඉල්ලීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමතින්ට යටත්ව මේ වන විට සමාලෝචනය කරමින් සිටින බවයි.

පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ කුණාටුව හේතුවෙන් යටිතල පහසුකම් විනාශ කර දහස් ගණනක් අවතැන් කර ඇති අතර ආර්ථිකය කනස්සලක් ඇති බවද 
ශ්‍රී ලංකාව සඳහා වූ IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපගෝගියු මහතා පවසනවා.

මෙම ඉල්ලීමට අරමුලේ විධායක අනුමැතිය අවශ්‍ය වන අතර එමඟින් ව්‍යසනයේ ආර්ථික බිඳ වැටීමේ පරිමාණය සහ රජයේ මුල්‍ය තත්ත්වය තක්සේරු කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන්.

එවන් පැපගෝගියු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ IMF ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවයි.

ක්ෂය වූ විදේශ සංචිත, ඉහළ උද්ධමනය සහ අධික ණය බරකින් සලකුණු වූ දිගුකාලීන ආර්ථික අර්බුදයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන අවස්ථාවක මෙම ඉල්ලීම සිදු කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.