×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ආපදා සහන දෙන්නේ කොහොමද ? සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට පාඩමක්

Local  •  Published on: 2025-12-07 04:28:55

රට තුළ උද්ගතව ඇති වත්මන් ආපදා තත්ත්වය හමුවේ හානියට පත් ජනතාවට සහන සැපයීමේ ක්‍රමවේදය සම්බන්ධව පූජ්‍ය සමන්තභද්‍ර හිමියන් විසින් දැඩි විවේචනයට ලක්කළා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ධර්ම දේශනාවක් සිදුකරන අතරවාරේදීයි.

දේශපාලන පක්ෂ සතුව අරමුදල් විශාල ප්‍රමාණයක් ඇති බවත් හානියට පත් ජනතාවට සහන සැපයීම සඳහා පක්ෂව බැංකු පොත්වල සඟවා ඇති අරමුදල් යොමු කර විය යුතු බවත් උන්වහන්සේ මෙහිදී කියා සිටියා.

සමන්තභද්‍ර හිමියන් පවසන්නේ මෙම ආපදා තත්ත්වය සුනාමියටත් වඩා බරපතළ ඛේදවාචකයක් බවයි.

“තමුසෙලා සතයක්වත් දෙන්න එපා. තමුසෙලාගෙන් එකතු කරලා උන් වැඩ කරනවා. උන්ගෙ ටික බැංකු පොත්වල හංගගෙන ඉන්නවා.” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළා.

"ප්‍රධාන දේශපාලන පක්ෂවල පක්ෂ අරමුදල් සහ රජයේ ආධාර ඒකරාශී කරලා සර්වපාක්ෂික අරමුදලක් පිහිටුවන්න. එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව, සමගි ජන බලවේගය සහ විශේෂයෙන්ම විශාලතම අරමුදල ඇති බව කියන ජාතික ජන බලවේගය යන සියලු ප්‍රධාන පක්ෂවල අරමුදල් ඒකට එකතු කරන්න.

ඒ සියලු ආධාර සර්ව පාක්ෂික සමුළුවකින් එකම තැනකට දාලා ලොකු අරමුදල් සකස් කරලා එකෙන් ජනතාවට සේවය කරන්න පුළුවන්."

එම අරමුදලේ අනුශාසක වීමට ද උන්වහන්සේ කැමැත්ත පළකළා.

සමන්තභද්‍ර හිමි සඳහන් කරන්නේ තමන්ට සියලු දෙනාගෙන් බැනුම් ඇසීමට සිදු වුවද තමන් කියන දේ නිවැරදි බවත්, මෙම විනාශය ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත්ය.

BBC ආයතනය විසින් නොවැම්බර් 25 වනදා ඉදිරි දින කිහිපය තුළ මිලිමීටර් 300, 400, 500 වැනි මහ වැසි ඇති විය හැකි බවට නිවැරදි අනාවැකි පළකර තිබූ බවද උන්වහන්සේ පැවසුවා.

"රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන් අසාර්ථකයි. මේ සිදුව ඇති විනාසය සුනාමියට වඩා බරපතළ සහ ලොකු ඛේදවාචකයක්. ජනතාවට ලේසියෙන් නැගිටින්න බැහැ."

කඩා වැටුණු නිවාස මාර්ග සහ කඳු පස් යොදා නැවත සැකසිය හැකි වුවද මිනිස්සුන්ගේ බිඳ වැටුණු මනස ගොඩනැංවීම පහසු නොවන බවද සමන්තභද්‍ර හිමියන් වැඩිදුරටත් අවධාරණය කළා.