×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

රටවටා ජලාශවල අලුත්ම තත්ත්වය මෙන්න

Local  •  Published on: 2025-12-08 03:14:13

දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම සාමාන්‍ය ජල මට්ටමක් කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා කියා සිටියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිඳු ජලාශයක ගංවතුර මට්ටමක් කරා තවදුරටත් නොපවතින බවයි.

තවද පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 50ත් 100ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ජලාශ කිහිපයක් ආශ්‍රිතව වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කරනවා.

මේ අනුව කැළණි, කළු ගඟ ආශ්‍රිතව මිලිමීටර් 50ත් 100ත් අතර ප්‍රමාණයක් මෙන්ම තවද ගිං ගඟ සහ නිල්වලා ගඟ අත්තනගලු ඔය ආශ්‍රිතව මිලිමීටර් 50ක වර්ෂාවක් වාර්තා වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් මෙම වර්ෂාපතනය ගංගාවල ජල මට්ටම් ඉහළ යාම සඳහා බලපාන වර්ෂාපතනයක් නොවන බවත් ඒ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත්ය.

තවද දෙපාර්තමේන්තුව සතුව පවතින වාරි පද්ධති සැලකීමේ දී ප්‍රධාන වැව් 30කට ආසන්න ප්‍රමාණයක වාන් දැමීම හෝ වාන් දොරටු විවෘත කිරීම සිදු කර තිබෙනවා.

ඒ අනුව වාන් දොරටු විවෘත කර ජලාශවල ජල මට්ටම් පහළ දැමීම සඳහා රාජාංගන, දැදුරු ඔය, නාච්චදූව, සේනානායක සමුද්‍රය, වෙහෙරගල සහ ලුණුගම්වෙහෙර වැනි ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවද ඔහු සඳහන් කරනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් එම ජලාශවල ජල මට්ටම් ඉහළ යාමකට තරම් ජල මට්ටමක් නිදහස් නොකරන බවයි.

පාලනයකින් යුතුව ඉදිරියේ දී ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගෙන එය කළමනාකරණ කර ගැනීම සඳහා ජල මට්ටම් අඩු කිරීමට සිදු කරන බවද අධ්‍යක්ෂවරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරි දින කිහිපයේ වර්ෂාපතනය ලැබීමේ පුරෝකථන පවතින බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් ඉදිරි තත්ත්වයන් සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමේ සිදුකරන බවත්ය.